?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th October 2025 13:05:47 Hours

221 පාබල බළසේනාව විසින් පල්ලවකුලම් කුච්චවෙලි ගම්මානයේ ජනතාවට අවශ්‍ය පානිය ජලය ලබාදිම.

කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පල්ලවකුලම් ගම්මානයේ ජිවත් වන ජනතාව මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්වය හේතුවෙන් පානිය ජලය නොමැතිව ඔවුන්ගේ දෛනික ගෘහස්ථ කටයුතු ද දරුවන්ගේ මුලික අවශ්‍යතාවයන් ද සපුරාලිමට නොහැකිව දැඩි දුෂ්කරතාවයකට ලක්ව ඇත.

මේ සදහා 221 පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන් වන කර්නල් බිඒඑම්සි බෙලිගස්වත්ත ආර්ඒස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සෘජු මැදිහත් විම මත 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ උපදෙස් අනුව 221 පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය මත පල්ලවකුලම් ග්‍රාමයේ ප්‍රජාව වෙත 2025 ඔක්තෝබර් මස 14 වන දින පානිය ජලය බෙදා දෙන ලදි.

මෙම සත් ක්‍රියාව තුලින් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව හා මුස්ලිම් ප්‍රජාව අතර, සහෝදරත්වය ශක්තිමත් වු අතර, දෛනික අවශ්‍යතාවයන් සපුරාලිමට ඔවුනට හැකිවිය.