?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th October 2025 11:29:02 Hours

4 වන බලඇණිය ගැමුණු හේවා බළකාය ව්සින් අඩු ආදායම්ලාභී පවුලක් සඳහා අලුතින් ඉදිකරන ලද නිවස භාරදීම.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඒස්බිඩබ්ලව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම යටතේ 23 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිපිපි කුලතිලක ඒන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදේශකත්වයෙන් අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයේශ්‍රි ලංකාවේ වැඩබලන ප්‍රධාන අධ්‍යෂක නිතින් ටොන් මහතා හා ඒම සමාගමේ මෙහෙයුම් කළමණාකරණ මන්දනා විජයරාජා මහත්මියගේ සහභාගිත්වයෙන්, 232 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටිකේඩි ධර්මසේන ආර්ඩබ්ලිවිපි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්‍ෂණය යටතේ 4 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එස්එම්ජිවිකේ බණ්ඩාර යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මුලිකත්වයෙන් සහ මෙම ඒකක භඨ පිරිස් හි පුර්ණ ශ්‍රම දායකත්වයෙන් 10 වන සැතපුම් කණුව කොමාතුරේ උතුරයන ලිපිනයේ පදිංචි ලක්ෂනා දිනොජනි යන පාසල් යන වයසේ පසුවන දියණිය හට රුපියල් මිලියන දෙකකට ආසන්න වටිනානමකින් යුතු නව නිවස ඉදිකරන ලදි.

මෙම නිවසෙහි ඉදිකිරිම් කටයුතු මාස පහක්වැනි කෙටි කාලයක් තුලදි නිමාකර නිවෙස් හිමිකරු වන ලක්ෂනා දිනෝජනි දියනිය වෙත 2025.10.15 වන දින පෙ:ව 1030ට යෙදුනු සුභමොහොතින් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඒස්බිඩබ්ලව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩියු පිඑස්සි, එරාවුර්පත්තු සහකාර ප්‍රාදේශිය ලේකම් නිරුබා බිරුන්තන් මහත්මිය,23 වන පාබල සේනාංකාධිපති, අරක්ෂක සේනා නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 232 පාබල බලසේනාවේ බලසේනාධිපති, 4 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සෙසුනිලයින් හා අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයේ ශ්‍රි ලංකාවේ වැඩබලන ප්‍රධාන අධ්‍යෂක නිතින් ටොන්මහතා, එම සංවිධානයේ සම්බන්ධිකරණ නිලධාරින් ඇතුළු සම්භාවනිය අමුත්තන්ගේ සුරතින් නිවෙසියන් වෙත භාරදෙන ලදි.