?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th October 2025 14:39:54 Hours

20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ගිරිහඩු සෑය රජමහා විහාරයේ අභිනව "සමාධි" භාවනා කුටියේ ඉදිකිරීම් අවසන් කිරීම.

22පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 221 පාබළ බළසේනාවේ බළසේනාධිපතිගේ උපදෙස් පරිදි 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් තිරියාය ගිරිහඩු සෑය රජමහා විහාරයේ ආරණ්‍යවාසී සංඝ්‍යාවහන්සේලා වෙත අභිනවයෙන් ඉදිකරන ලද "සමාධි" භාවනා කුටියේ වැඩ නිමකරන ලදී.

මෙම ආගමික වැඩසටහන ශාස්ත්‍රපති දෙවිනුවර චන්දිම විහාරාධිකාරී හිමියන්ගේ අනුශාසනා පරිදි 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් රෝහණ ඒකනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගරෙ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්‍ෂණය හා මෙහෙයවීම යටතේ සිදුකරනු ලැබූ අතර, භාවනා කුටියේ සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු මෙම ඒකක ශ්‍රම දායකත්වයෙන් සිදුකරන ලදී.

තවද, භාවනා කුටියේ වැඩ නිමකර, කඨින පිංකමට සමගාමීව 2025 ඔක්තෝබර් මස 19 වන දින ස්වාමීන් වහන්සේලාගේ පරිහරනය සඳහා පූජා කිරීමට විහාරස්ථානය වෙතින් සැලසුම්කර ඇති අතර, කුටියේ වැඩ නිමකිරීම සඳහා ඒකක නිලධාරීන්/සෙනීන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.