?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th October 2025 14:34:54 Hours

පුල්මුඩේ - ශාන්ති විහාරයේ කඨින මහා පිංකම සඳහා 20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් ශ්‍රම දායකත්වය ලබාදීම.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 221 පාබළ බළසේනාවේ බළසේනාධිපතිගේ උපදෙස් පරිදි 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් 2025 ඔක්තෝම්බර් මස 10 සහ 11 දෙදින පුල්මුඩේ ශාන්ති විහාරයේ කඨින මහා පිංකම සඳහා දායකත්වය ලබාදෙන ලදී.

මෙම වැඩසටහන පනාමුරේ ශාන්තවංශ විහාරාධිකාරී හිමියන්ගේ අනුශාසනා පරිදි 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් රෝහණ ඒකනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධීක්‍ෂණය හා මෙහෙයවීම යටතේ සිදුකරනු ලැබූ අතර, වැඩසටහන සඳහා හෝමාගම ප්‍රදේශයේ පදිංචි ගීතානි ධම්මිකා මහත්මිය ඇතුළු ධානපතීන් පිරිසක් විසින් දායකත්වය දක්වන ලදී.

2025 ඔක්තෝම්බර් සම 10 වන දින ඒකකය තුල කඨින චීවරය තැම්පත් කොට, විහාරස්ථානය තුල අටවිසි බුද්ධ වන්දනාවක් හා සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත්වා, 11 වන දින කඨින චීවරය පෙරහැරින් ශාන්ති විහාරස්ථානය වෙත වඩම්මවා, ස්වාමින් වහන්සේලා තිස් නමකට අටපිරිකර සහිතව උදෑසන හා දහවල් දානය පිළිගැන්වීමද සිදුකරන ලදී.

තවද, මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා හා විහාරස්ථ දායක පිරිස සහභාගීවූ අතර, වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් ඒකකයේ අණදෙන නිලධාරී ඇතුළු සියළු නිලධාරී සහ සෙසු නිලයින් 00x08ක් තම දායකත්වය ලබාදුන් අතර, ප්‍රදේශවාසීන් 100 දෙනෙකු පමණ සහභාගීවන ලදී.