?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th October 2025 09:25:30 Hours

76 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව විසින් පාසැල් ළමුන් සදහා පාසැල් උපකරණ ප්‍රධාන කිරීමේ උත්සවයක් පැවැත්වීම.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ හා 221 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල්හී දරුවන් ඉගෙනුම ලබන පුල්මුඩේ ත්‍රී/ත්‍රී උතු ඛණිජවැලි සිංහල විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් 61 දෙනෙකුට පාසැල් උපකරණ බෙදාදීමේ ප්‍රජා සත්කාරමය වැඩසටහනක් 2025 ඔක්තෝම්බර් මස 10 වන දින 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් පවත්වන ලදී.

මෙම වැඩසටහනේ දායකත්වය 221 පාබල බළසේනාවේ හිටපු බළසේනාධිපති බ්‍රිගේඩියර් රුවන් ඇහැලේපොල යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සම්බන්ධීකරණය යටතේ සවුදි අරාබි රාජ්‍යයේ සේවය කරන මුදිත මාදව, තුෂාර මැණික්දිවෙල, මනෝජ් ජයවර්ධන හා මහේෂ් දිසානායක යන මහත්වරුන් විසින් රු.106,000.00ක මූල්‍යමය දායකත්වය ලබාදෙන ලදී.

තවද, 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් රෝහණ ඒකනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගරෙ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධික්‍ෂණය මත ත්‍රී/ත්‍රී උතු ඛණිජවැලි සිංහල විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසැල් ළමුන් 61 දෙනෙකු වෙත පාසැල් උපකරණ බෙදාදීමේ ප්‍රජා සත්කාරමය වැඩසටහන සංවිධානය කිරීම සඳහා ඒකකයේ නි/සෙසු නිලයින් 03x09ක ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.