?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th October 2025 13:36:28 Hours

12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකාය විසින් පාසල් ළමුන් සදහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ සහ දිවා ආහාර වැඩසටහනක් පැවැත්වීම.

76 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම මත යටතේ සහ 23 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීපීපී කුළතිලක ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදේශකත්වයෙන් 232 පාබල බලසේනාවේ බළසේනාධිපති ටිකේඩි ධර්මසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 12 ශ්‍රිලංජාආබමු ඒකක අණදෙන නිලධාරි මේජර් එච් එම් වී පී හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවිධානයෙන් මඩකලපුව සිංහ සමාජයේ මුල්‍ය අනුග්‍රාහක දායකත්වයෙන් මඩකලපුව, කල්කුඩා, ඊරාලක්කුගම් ද්‍රවිඩ මිශ්‍ර විද්‍යාලයේ සිසුන් හට පාසල් බැග් හා පාසල් පොත් කට්ටල 47 ක් හා ගුරුවරුන් හා පාසල් ළමුන් වෙත විශේෂ ආහාර වේලක් ලබාදීමේ වැඩසහනක් 2025 ඔක්තෝබර් 09 වන දින සිදුකරන ලදී.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීපීපී කුලතිලක එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වූ අතර, 232 පාබල බලසේනාවේ බළසේනාධිපති හා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 06x30 භඨ පිරිස් ප්‍රමාණයක් මේ සදහා සහභාගි විය.