?
04th October 2025 06:29:56 Hours
2025 වර් ෂයේ ඔක්තෝබර් 01 දිනට යෙදී ඇති ලෝක ලමා දිනයට සමගාමීව 23 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංග කුළතිලක ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම යටතේ බළප්‍රදේශය තුල පිහිටි පො/දිඹු/අසේලපුර මහා විද්‍යාලයේ සිසුන්ගේ ක්‍රිකට් ක්‍රීඩා කෞෂ්‍යලය වර්ධනය කිරීමේ අරමුණින් රු:200,000.00 ක් වටිනා ක්‍රිිකට් ක්‍රීඩා භාණ්ඩ තොගයක් (ලෙදර්) 2025 ඔක්තෝබර් මස 01 වන දින පරිත්‍යාග කරන ලදී.
එම අවස්ථාව සදහා පුධාන ආරාධිත අමුත්තා වශයෙන් 23 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීපීපී කුලතිලක එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගීවු විය. එම අවස්ථාව සදහා 23 පාසේමු සිවිල් සම්බන්ධීකරන නිලධාරී ලුතිතන් කරනල් එල්ආර් සේනාපති යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලුව එම විද්‍යාලයේ විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් සහභාගී වන ලදී.