?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th October 2025 06:21:19 Hours

ලෝක ළමා දින වැඩ සටහන් විස්තරය ඉදිරිපත් කිරිම

ලෝක ළමා දිනයට සමගාමීව 15 ශ්‍රීලපාහ ඒකකයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේජිආර්එන් කුමාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ ගල්මැටියාව ග්‍රාමයේ පිහිටි ගෝතමී පෙර පාසලේ ඉගෙණුම ලබන කුඩා දුවා දරුවන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දීම හා ත්‍යාග ලබා දීමේ වැඩසටහණක් 2025.10.01 වන දින ගල්මැටියාව පුරාණ රාජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.

එම වැඩසටහනට සමගාමීව, එම පෙර පාසලේ පාලිකාවගේ සහ දෙමව්පියන්ගේ සංවිධානයෙන් ඉගෙනුම ලබන කුඩා දුවා දරුවන් ගල්මැටියාව වැව පිටියෙහි සරුංගල් යැවීම, කඩදාසි ඔරු සාදා ජලයේ පා කර යැවීම, ක්‍රිකට් ක්‍රිඩා කිරීම, දරු දැරියන් විසින් සිංදු ගායනා කිරීම හා නර්ථනයේ යෙදීම වැනි විශේෂාංග රාශියක් සංවිධානය කර තිබූ අතර, එම අවස්ථාව සදහා මෙම ඒකක අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේජිආර්එන් කුමාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හා දෙවන අණදෙන නිලධාරී මේජර් එම්ඒජීඒ නිලංග ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහභාගී වූවා මෙන්ම ගල්මැටියාව පුරාණ රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ජයපුර ජිනරථන හිමියන් වැඩම කරවන ලදී.

එමෙන්ම, කුඩා දරු දැරියන් වෙනුවෙන් සිදුකරන ලද විශේෂාංගයන් අවසානේ සියළුම දරු දැරියන් ගල්මැටියාව පුරාණ රාජ මහා විහාරස්ථානය වෙත කැදවාගෙන ගොස් දිවා ආහාරය ලබාදීම හා මෙම ඒකක සියළු නිලයින්ගේ පරිත්‍යාගයෙන් සකසන ලද ත්‍යාග ලබාදීම සිදුකරන ලදී. මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීම සදහා මෙම ඒකක 01 X 10 කගේ දායකත්වය ලබාදෙන ලදී.

එමෙන්ම, 15 ශ්‍රීලපාහ ඒකකය විසින් සිදුකරන ලද මෙම වැඩසටහන සබැදිව විහාරාධිපති හිමියන් විසින් හා දෙමව්පියන් විසින් අදහස් දක්වමින් රටෙහි අනාගතය භාර ගැනීමට වෙර දරණ කුඩා දරු දැරියන් වෙනුවෙන් සිදුකරන ලද සේවාව සබැදිව ස්තුතිවන්ත වනවා මෙන්ම හා සමස්ථ යුද්ධ හමුදාවටම මේ ගෞරවය පිරිනමන බැව් ප්‍රකාශ කරන ලදී.