?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th September 2025 12:46:57 Hours

7 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස්ගේ ශ්‍රමදායකත්වයෙන් පොළොන්නරුව හිඟුරක්ගොඩ පලුවද්ධන ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් වෙත නව නිවසක් ඉදිකර දෙයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා සිවිල් ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් මෙන්ම ඔවුන්ගේ ජීවන තත්වය ඉහල නැංවීමේ අරමුණ පෙරදැරිව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් හා පරිත්‍යාග ශීලින්ගේ ධන පරිත්‍යාගයෙන් 7 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඒකක භඨපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් පොලොන්නරුව හිඟුරක්ගොඩ පලුවද්ධන ග්‍රාමසේවා වසමේ පදිංචි අවශ්‍යතා ඇති පවුලක් වෙත නව නිවසක් ඉදිකර දීමේ කටයුතු 2025.06.24 වන දින ආරම්භ කර ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බළසේනාවේ සේනාවිධායක හා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ වී එන් පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි හා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වින්ද්‍යා ප්‍රේමරත්න මැතිණියගේ පධානත්වයෙන් 2025.09.11 වන දින නව නිවස නිවැසියන් වෙත භාර දෙන ලදි.

මෙම අවස්ථාව සද‍හා හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේඛම් තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක්ද, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා බලසේනා මුලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ටි ජි අයි ඒ ආරියරත්න ආර්එස්පි අයිජි හා 231 වන පාබළ බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එස් ඩි කේ ඩබ්ලිව් එම් එම් අයි වැලිවිට ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සී, 7 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු නිලධාරින් හා සෙසුනිලයන්ද ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් රැසක්ද සහභාගිවන ලදි.