Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th September 2025 11:19:02 Hours

241 පාබසේමු සහ 11 ශ්‍රීලංජාආබමු විසින් අක්කරපත්තුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා තත්වයෙන් උසස් පොල් පැල බෙදා දෙයි

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 241 පාබල බලසේනා මූලස්ථානයේ සහ 11 වන ශ්‍රීලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවෙහි භඨපිරිස් විසින් 2025 සැප්තැම්බර් මස 03 වන දින ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානය - අලිගම්බේ හීදි පවුල් 29ක් සඳහා තත්වයෙන් උසස් පොල් පැල 172ක ප්‍රමාණයක් බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා 241 පාබල බසේමූ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි මේජර් ඒඑම්ඩිඑස් තිලකරත්න ශ්‍රීලංසිර, 11 ශ්‍රීලංජාආබමු අණදෙන නිලධාරි සහ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයෙහි ප්‍රධාන පූජක තුමන්, ගොවිජන සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම උපදේශක සහ සිවිල් වැසියන් 30 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවූහ.