29th August 2025 13:43:35 Hours
24 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ ඩබ්ලිව් ජයවිර යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 අගෝස්තු මස 26 වන දින රාජකාරි භාර ගන්නා ලදි.
මේජර් ජෙනරල් කේ ඩබ්ලිව් ජයවිර යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි කඳවුරු පරිශ්‍රයේ ප්‍රධාන දොරටුව අභියසදී 24 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති විසින් උණුසුම් ලෙස පිළිගත් අතර 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සම්මාන මුරයකින් සහ සම්මාන පෙළපාලියකින් ගෞරවාචාරය පුද කරන ලදී.
සේනාංකාධිපති තුමන් රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබිමෙන් අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට පෙනීසිටීන ලදි. තවද මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල අතර ඉන් අනතුරුව සේනාංකාධිපති තුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ වෘත්තීමයභාවය, අවංකභාවය සහ රාජකාරීන් නිසි අයුරින් සිදුකිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කල අතර ඉන් අනතුරුව එතුමන් විසින් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා 24 වන පාබල සේනාංක බළප්‍රදේශය තුල රාජකාරි කරනු ලබන බළසේනාධිපත්වරුන්, ඒකක අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.