28th August 2025 19:25:30 Hours
රී ලංකා යුද්ධ හමුදාව වෙතින් සිවිල් ජන සමාජය වෙත සිදුකරනු ලබන මානුෂීය ප්‍රජා සත්කාර ක්‍රියාකාරකමක් ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ හා 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩීඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ මග පෙන්වීම හා සම්බන්ධීකරණයෙන් 221 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඊඩබ්ලිව්ආර්එස්බි ඇහැලේපොල යුඑස්පි යුඑස්ඒසිජිඑස්සි, ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ උපදෙස් අනුව, 2 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි තුමාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ඒකකයේ රාජකාරි කරනු ලබන සියළුම නිලධාරී/සෙසුනිළයින්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් යුතුව ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 229 බී සුමේධංකරපුර ග්‍රාමසේවා වසමේ කන්නියා පාර, 06 කණුව, නුවර පාර, ත්‍රිකුණාමලය යන ලිපිනයේ පදිංචි බෝදා හැන්නදිගේ ප්‍රසාද් නදීශාන් මහතා සහ පවුලේ අය හට අලංකාරවත් නව නිවසක් ඉදිකර 2025 අගෝස්තු මස 23 වන දින සුබ මොහොතින් භාර දෙන ලදී.
මේ සඳහා මූල්‍යමය දායකත්වය (22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් පි ඒ එම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධීකරණය මත අංක 7ඒ/1, විහාර චතුරස්‍රය, ද සොයිසා මාවත, ගල්කිස්ස යන ලිපිනයේ පදිංචි නන්දා රත්නායක මහත්මිය ඇතුළු එම පවුලේ සියලු දෙනා විසින් මුල්‍යමය දායකත්වය ලබාදෙන ලද අතර, දින 90 ක් වැනි කෙටි කාලයක් තුලදී 2 වන ගජබා රෙජිමේන්තුවේ ශ්‍රමදායකත්වය මත මෙම නිවස ඉදිකර නිවාසලාභී වන බෝදා හැන්නදිගේ ප්‍රසාද් නදීශාන් මහතා සහ පවුලේ සාමාජිකයින් වෙත භාර දෙන ලදි.
තවද මෙම අවස්ථාව සඳහා ආරාධිත අමුත්තාන් ලෙස 22 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්ඒයුඒ සෝලංගආරච්චි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී දැනට විශ්‍රාමික මේජර් ජෙනරාල් පී ඒ එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේඛම් ඩිවිජිඑම් හේමන්ත කුමාර මහතා, 221 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊඩබ්ලිව්ආර්එස්බි ඇහැලේපොල යුඑස්පි යුඑස්ඒසිජිඑස්සි, 2 වන ගජබා රෙජිමේන්තුවේ වැ:බ: අණදෙන නිලධාරී මේජර් ජේඑම්සිබිආර් බණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරී/නිලධාරි වරුන්ද, මේ සඳහා මූල්‍යමය දායකත්වය ලබාදුන් නන්දා රත්නායක මහත්මිය ඇතුළු එම පවුලේ සාමාජිකයින් හා ප්‍රදේශවාසීන්ද මේ සදහා සහභාගී වන ලදී.