?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th August 2025 10:59:03 Hours

231 වන පාබල බලසේනා මුලස්ථානයේ 5 වන බලසේනාධිපති සිය ධූරයේ රාජකාරී භාර ගැනිම

231 වන පාබල බළසේනාවේ පස්වන බළසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් එස් ඩි කේ ඩබ්ලිව් එම් එම් අයි වැලිවිට ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 අගෝස්තු මස 26 වන දින සුභ මොහොතින් සිය ධුරයේ වැඩ භාරගන්නා ලදි.

7 වන ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියසදී කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව බළසේනාධිපති තුමන් සිය ධුරයේ වැඩභාර ගැනිම සනිටුහන් කර නා පැළයක් රෝපණය කරන ලදී. මෙම පාබල බළසේනාවේ රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් ඇතුලුව 7 ශ්‍රිලකාහ, 12 ගැහේබ ඒකකයන්හි අණදෙන නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. ඉන්පසු සුභ මොහොතින් ආගමික වතාවක් සිදුකිරීමෙන් අතුරුව බළසේනාධිපති තුමන් සිය ධුරයේ රාජකාරී භාරගත් අතර, සියලු නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගී විය. පසුව කදවුරු පරික්‍ෂාව සිදුකිරිමෙන් පසු මෙම බළසේනාවේ සියලුම භඨපිරිස් අමතන ලදි. ඉන් පසුව බලසේනා මේජර් තුමන් විසින් 231 පාබල බළසේනාව වෙත පැවරි ඇති කාර්යභාරය සහ එහි වගකීම් පිළිබඳ විස්තරයක් නව බළසේනාධිපති තුමන් වෙත ඉදිරිපත් කරන ලදි.