Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th August 2025 15:03:08 Hours

තිරුක්කෝවිල් මෙතෝදිස්ත දේවස්ථානයේ ළමා නිවාසයේ ළමුන් 12 දෙනෙකුට දිවා ආහාර වේලක් ලබා දිම

8 වන බල ඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 18 වන බලඇණි සංවත්සර දිනයට සමගාමීව, තිරුක්කෝවිල් මෙතෝදිස්ත දේවස්ථානයේ ළමා නිවාසයේ ළමුන් 12 දෙනෙකුට පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් 2025 අගෝස්තු 18 වන දින සිදු කරන ලදී.

මෙම වැඩසටහන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ව්සිඑල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී, 242 පා බල බල සේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේජිඒට් කැලෑකෝරලේ ආර්එස්පී යන ජේෂ්ඨ නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ සහ 8 වන බළ ඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් කේඩි ලියනගේ ජේෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.