?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th August 2025 09:28:17 Hours

කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන් වහන්සේලා 11 නමක් උදෙසා 8 ශ්‍රීලංජාආබමු ඒකකයේ ප්‍රධානත්වයෙන් දානමය වැඩසටහනක් පවත්වයි.

2025 අගෝස්තු 17 වන දින 8 වන බලඇණියේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් කුඩිම්ගල ආරණ්‍යසේනාසනයේ භික්ෂූන් වහන්සේලා 11 නමක් උදෙසා දහවල් දානය පිරිනැමීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් සි එල් ගලප්පත්ති ආර්.එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම මත 242 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රි ගේඩියර් කේ ජි ඒ ටි කැලෑකෝරලේ ආර්.එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් මත 8 වන ශ්‍රීලංකා ජාතික ආරක‍්ෂක බළමුළුවේ අණදෙන නිලධාරී සහ අනෙකුත් නිලධාරීන්/සෙසුනිළයින්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදි.