22nd August 2025 11:19:31 Hours
221 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් පරිදි මෙම ඒකක බලප්‍රදේශයේ පිහිටි පුල්මුඩේ ත්‍රී/උතු ඛණිජවැලි සිංහල විද්‍යාලයේ පාසල් භූමිය පිරිසිදු කිරීමේ ප්‍රජාසත්කාරමය වැඩසටහනක් 2025 අගෝස්තු මස 19 සහ 20 යන දිනයන්හි පවත්වන ලදී.
මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ පූර්ණ අධීක්‍ෂණය මත ඉගෙණුම ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා සුඳුසු පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඒකකයේ නිලධාරී/සෙසුනිල 02 x 20 ක ප්‍රමාණයකගේ ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මඟින් මෙවැනි ප්‍රජා සත්කාර වැඩසටහන් සඳහා ශ්‍රමදායකත්වය ලබාදීම සබැඳිව ප්‍රදේශයේ ජිවත්වන සිවිල් ජනතාවගෙන් මෙන්ම ගුරුභවතුන්ගේ ප්‍රශංසාවට හා ඇගයීමට ලක්වන ලදී.