Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th August 2025 15:54:22 Hours

9 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් අඩු ආදායම්ලාභී පවුලකට නව නිවසක් ඉදිකර ලබාදිම.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මඟ පෙන්වීම යටතේ , 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩීඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී තුමන්ගේ සම්බන්ධීකරණයෙන්, 222 පාබල බලසේනාවේ බලසේනිංකාධිපති තුමාගේ පුර්ණ අධීක්ෂණය යටතේ, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි තුමා ඇතුළු නිළධාරි වරුන්ගේ සහ සෙබළුන්ගේ දායකත්වයෙන් ඉදිකරන ලද නව නිවස 2025 අගෝස්තු 18 වන දින නිළ වශයෙන් කේ බී අසංක මහතා සහ ඔහුගේ පවුලේ අය හට නිළ වශයෙන් භාර දෙන ලදී.

සිවිල් - හමුදා සම්බන්ධීකරණ වැඩසටහනේ කොටසක් ලෙස, නැගෙනහිර පළාතේ අඩු ආදායම්ලාභී පවුල් නඟා සිටුවීම සහ සහය වීම අරමුණු කර ගනිමින්. සේරුවිල ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම නිවස සදහා අවැසි ඉදිකිරිම් ද්‍රව්‍ය සහ නිවසට අදාල ගෘහ උපකරණ දිස්නා ගලප්පත්ති මහත්මියගේ අනුග්‍රාහක දායකත්වයමත සිදුකරන ලදි.

මෙම අවස්ථාව සදහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 22 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, 222 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිළයන්, අනුග්‍රාහකයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් ද සහභාගී වූහ.