?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th August 2025 13:06:04 Hours

221 වන පාබල බලසේනාවේ නව උසස්වීම් ලැබූ බළසේනාධිපති තුමන් හට පාබල බලසේනා මූලස්ථානයේදී ගෞරව පිරිනමන ලදී

221 වන පාබල බළසේනාවේ අභිනවයෙන් නිළ උසස්විම් ලැබු බ්‍රිගේඩියර් ඊඩබ්ලිව්ආර්එස්බී ඇහැලේපොල යුඑස්පී යුඑස්ඒසිජිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට 2025 ආගොස්තු 14 වන දින පාබල බළසේනා මුලස්ථානයේදි උත්කර්ෂවත් අන්දමින් යුද්ධ හමුදා සාම්ප්‍රදායානුකූලව ගෞරව පිරිනමන ලදි.

එතුමා දැක්වු සේවය සහ ආදර්ශමත් නායකත්වයට ගෞරවයක් සහ පිළිගැනීමක් එක් කරමින් අලංකාරවත් කඳවුරු මුරයකින් උත්සව කටයුතු ආරම්භ කරන ලදි. ඉන් අනතුරුව බ්‍රිගේඩියර් ඊඩබ්ලිව්ආර්එස්බී ඇහැලේපොල යුඑස්පී යුඑස්ඒසිජිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් බළසේනා මුලස්ථාන පරිශ්‍රය තුල පැළයක් රෝපණය කරන ලදි.

තවද සියලු නිලයන් අමතමින් බළසේනාධිපති තුමන් විසින් තම ජිවිතය පුරා එතුමන්ට සහය වු සැමට ගෞරවය පලකල අතර, සිය සේවා කාලය තුල ලබා ගත් වටිනා පාඩම් බෙදා ගනිමින් විශිෂ්ඨත්වය අත්කර ගැනිමේ වැදගත් කම අවධාරණය කර භඨපිරිස් දිරිමත් කරන ලදි. භඨ පිරිස් ඇමතිමෙන් අනතුරුව බළසේනාවේ නිලධාරින්, ජ්‍යෙකොනොනින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්යය මණ්ඩලයේ සුහදත්වය වර්ධනය කරමින් තේ පැන් සංග්‍රහයකින් උත්සව කටයුතු අවසන් කරන ලදි.