Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th August 2025 09:54:03 Hours

24 වන පාබල සේනාංකය විසින් පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්සීඑල් ගලප්පත්ති ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්‍ෂණය යටතේ,මෙම පාබල සේනාංකයේ රාජකාරි කරනු ලබන යුධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීමේ අරමුණින්, පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 24 වන පාබල සේනාංක මූලස්ථානයේදී 2025 අගෝස්තු මස 10 වන දින සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන ආචාර්ය විජිතා නාගේන්ද්‍රම් මැතිණියගේ මූල්‍ය දායකත්වය මත සිදු කරන ලද අතර, එතුමියගේ කාරුණික සත් ක්‍රියාව මගින් මෙම පාබල සේනාංකයේ රාජකාරි කරනු ලබන යුධ හමුදා සහ සිවිල් සේවක මහතුන්ගේ ළමුන් 103 දෙනෙකුට අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දෙන ලදි. වැඩසටහන අතරතුර, සිසුන් ආකර්ශනීය ගීත ගායනා සහ කථන හැකියාවන් තුලින් තම දක්ෂතා ප්‍රදර්ශනය කළ අතර, පසුව එම අවස්ථාවට සහභාගි වු දූ දරුවන් හා දෙමව්පියන් හට තේ පැන් සංග්‍රහයක් ලබාදෙන ලදි.