Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th August 2025 15:56:33 Hours

12 වන ගැමුණු හේවා බළඇණිය විසින් දිඹුලාගල ප්‍රදේශයේ අඩු අදායම්ලභි පවුල් 80 ක් සදහා වියළි සලක මළු බෙදා දිම.

12 වන ගැමුණු හේවා බළඇණිය අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සංජය රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාන්ගේ ප්‍රධානත්වයෙන් අඩු අදායම්ලභි පවුල් 80 ක් සදහා වියළි සලක මළු බෙදා දිමේ වැඩසටහනක් 2025/08/11 වන දින පැවැත්වුහ.

මෙම ඒකක බළප්‍රදේශයේ අයත් දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 210 දළුකාන ග්‍රාම නිලධාරි වසමේ තොරාගත් අඩු අදායම්ලභි පවුල් 80 ක් සදහා වියලි සලක මළු සදහා වු මුල්යමය අනුග්‍රහය දක්වනු ලබන්නේ විස්ශ්‍රාමික මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාන්ගේ ආදරණිය මැතිනිය වන හේමාස් ආයතනයේ විධායක අධ්යක්ෂිකා ශිරෝමි මාසකෝරාල මැතිනිය විසින්. මෙම උත්සවය සදහා අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලයන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් සහභාගී වූහ.