Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th August 2025 11:17:40 Hours

18 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් කල්මුනේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීය

18 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහනේ කොටසක් ලෙස 2025 අගෝස්තු 10 වන දින වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

“පිරිසිදු ශ්‍රී ලංකා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන අපගේ වෙරළ ආරක්ෂා කිරීම, සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීම සහ පිරිසිදු, හරිත අනාගතයක් නිර්මාණය කිරීම” යන තේමාව යටතේ, පාරිසරික දැනුවත්භාවය සහ වෙරළ සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. මෙම වැඩසටහන සදහා නිලධාරීන් සෙසු නිළයින් සහභාගී විය.