Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th August 2025 11:56:13 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති තුමන් 233 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරත වේ

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 අගෝස්තු 01 වන දින 231 පාබල බලසේනා මුලස්ථානයේ සිය පළමු නිල සංචාරය සිදු කළේය.

232 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති තුමන් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර, හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව දොරටුව අසලදී හමුදා මුරයක් පිරිනමන ලදී. පිළිගැනීමේ උත්සවයේ කොටසක් ලෙස, වර්ධනය සහ තිරසාරභාවය සංකේතවත් කරමින් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ ගසක් රෝපණය කර අතර ඉන් පසු බලඇණිවල නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට සහභාගී විය

මෙම කටයුතුවලට බලසේනාවේ වත්මන් කටයුතුවලට අදාළ මෙහෙයුම්, පරිපාලන සහ සුභසාධන කරුණු ආවරණය කරමින් බලසේනාධිපති තුමන් විසින් සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත්කරන ලදි. නිලධාරීන් සහ අමුත්තන් අතර අවිධිමත් අන්තර් ක්‍රියාකාරිත්වයක් සහ සුහදත්වයක් සඳහා අවස්ථාවක් ලබා දෙමින්, සංචාරය තේ පැන් සංග්‍රහයකින් අවසන් විය.