04th August 2025 11:52:06 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 ජූලි 31 වන දින 231 පාබල බලසේනාවට සිය පළමු නිල සංචාරය සිදු කළේය.
ආඥාපතිවරයා පැමිණි පසු 231 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ප්‍රධාන දොරටුව අසලදී හමුදා සම්මාන මුරයක් පිරිනමන ලදී. වර්ධනය සහ තිරසාරභාවය සංකේතවත් කරමින් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ සදුන් පැළයක් රෝපණය කරන ලදී.
මෙම සංචාරයේදී මේජර් ජෙනරාල් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් බලඇණිවල නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.
අනතුරුව බලසේනාවේ වත්මන් කටයුතුවලට අදාළ මෙහෙයුම්, පරිපාලන සහ සුභසාධන කරුණු ආවරණය කරමින් බලසේනනාධිපති තුමන් විසින් සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදි.
ආඥාපතිතුමන් පිටව යාමට පෙර අමුත්තන්ගේ පොතේ අත්සන් තැබූ අතර, 231 වන පාබල බලසේනා මුලස්ථානයේ කාර්ය මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන වෘත්තීයභාවය, කැපවීම සහ උසස් ප්‍රමිතීන් සඳහා ඔහුගේ අගය සටහන් කළේය.
ආඥාපතිතුමන් සියලු නිළ තේ පැන් සංග්‍රහයේදී භටපිරිස් සමඟ සුහද කථාබහක නිරත විමෙන් පසු සංචාරය අවසන් විය.