?
28th July 2025 11:37:27 Hours
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්සීඑල් ගලප්පත්ති ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 241 පාබල බලසේනාවේ භඨපිරිස් විසින් අම්පාර අක්කරපත්තුව මාර්ගයේ අක්කරපත්තු නගර පිවිසුම් ආසන්නයේ අරසඩි ප්‍රදේශයේ ජනයාගේ සෞඛ්‍යයට තර්ජනයක් වන අයුරින් දීර්ඝකාලිනව අක්‍රමවත් අයුරින් සිදුකරන ලද කසල බැහැරකිරිමේ ස්ථානය පිරිසිදු කිරිමෙන් අනතුරුව කසල බැහැර කිරීම ක්‍රමවත්ව සිදුකල යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරිමක් 2025 ජුලිමස 26 දින සිදු කරන ලදි. මේ සඳහා යුද්ධ හමුදා භඨපිරිස් 03 x 20ක් සහ ආලයාඩිවෙම්බු ප්‍රාදේශිය සභා ආලයාඩිවෙම්බු ප්‍රාදේශිය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය හා ප්‍රදේශයේ ජනතාව 50 දෙනෙකු ඇතුලු යන්ත්රසූත්ර ට්‍රැක්ටර් රථ සමඟින් සහභාගි වන ලදි.