?
30th June 2025 13:47:04 Hours
ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර ) මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සිනිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ හා 23 පාබල සේනාංක සේනාංකාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන සිවිල් සම්බන්ධිකරණ වැඩසටහන් වල එක් ව්‍යාපෘතියක් ලෙස 233 වන පාබල බලසේනාව යටතේ ස්ථානගතව ඇති 7 වන ගැමුණුහේවා බලඇණිය විසින් නිලූකා ඇල්කඩුව මහත්මිය, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා, සංජය එදිරිසිංහ මහතා සහ අනුරාදා නානයක්කාර මහත්මිය, යන මහත්ම මහත්මීන්ගේ මුල්‍ය අනුග්‍රහය මත පූනානි ප්‍රදේශයේ පදිංචි ගාමිණි අමරසිංහ මහතාට සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් හට නව නිවසක් ඉදිකොට 2025 ජූනි 29 වන දින පරිත්‍යාග කරන ලදි.
මෙම අවස්ථාව සදහා ආඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර ) සේනාංකාධිපති 23 වන පාබල සේනාංකය, බළසේනාධීපති 233 වන පාබල බළසේනාව, ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින්, අනුග්‍රාහකයින්, පොලිස් නිළධාරීන් සහ සිවිල් පුද්ගලයින්ද සහභාගී විය.