15th June 2025 18:18:55 Hours
2025 පොසොන් පොහොය නිමිති කොටගෙන 2025 ජුනි මස 10 දින 1600 පායේ සිට 1800 පැය දක්වා කාලය තුල සාගම මංසන්දියේදී සව් දන්සලක් පවත්වන ලදි. මේ සදහා පොතුවිල් අක්කරපත්තුව ප්‍රධාන මාර්ගයේ ගමන් කරන සිවිල් වැසියන් 2500 පමණ සංඛ්‍යාවක් පැමිණි අතර, ප්‍රදේශය පුරා උත්සවශ්‍රීයෙන් හා අධ්‍යාත්මික වාතාවරණයක් නිර්මාණය කළේය. මෑත කාලයේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ පැවති ආකර්ෂනීය හා විශිෂ්ඨ සංවිධානයකින් සිදු කරන ලද වැඩසටහනක් වන අතර, එය හමුදාව සහ ප්‍රාදේශීය ප්‍රජාව අතර ඇති ශක්තිමත් බැඳීම පිළිබිඹු කරයි. තවද මෙම පොසොන් උත්සවයේ වැදගත්කම සැමරීම පමණක් නොව, එකමුතුකම, සාමය, සහජීවනය සහ හොඳ හිත වර්ධනය කළේය.
මෙම වැඩසටහන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්සිඑල් ගලප්පත්ති ආර්.එස්පී යූඑස්පී, 242 පාබල බලසේනාවේ බලසේනාධිපතිකර්.නල් කේජිඒටි කැලෑකෝරලේ ආර්.එස්පී යන ජේෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්වීම යටතේ සහ 8 වන බළඇණිය ශ්‍රීලංකා ජාතික ආරක‍්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් කේඩී ලියනගේ යන නිලධාරිගේ පූර්.ණ අධීක්ෂණය යටතේසිදු කරන ලදි.