14th June 2025 19:56:28 Hours
23 වන පාබළ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුභාත් සංජීව ජේෂ්ඨ නිළධාරීතුමන්ගේ උදාරතර සංකල්පයක් මත 23 වන පාබළ සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ භඨපිරිස් විසින් 2025 ජුනි මස 10 යන දිනයන් හිදි“පොසොන් උත්සවය සැමරීමේ”වැඩසටහනක් සංවිධානය කරන ලදී.
දවසේ පළමු වැඩසටහන ලෙස, පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් 23 පාබළ සේනාංකයේ සහ බළඇණි පුහුණු පාසලේ සියලුම මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ භඨපිරිස් පොසොන් පෝය දින (10) සවස 23පාබළ සේනාංක විහාරස්ථාන පරිශ්‍රයේ පැවති බෝධි පූජාව සඳහා සහභාගී වූහ.සෙවණපිටිය සුසිරිගම සාම විහාරාධිපති පූජ්‍ය සුසිරිගම සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ විසින් භඨපිරිස් සඳහා අගමික අනුශාසනාවක් පවත්වන ලද අතර මියගිය රණවිරුවන් ආබාධිත රණවිරුවන් සේවයේ යෙදී සිටින රණවිරුවන්සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආශිර්වාද කිරීම ද සිදු කරන ලදී.
ඉන් අනතුරුව බෝධි පුජාව නිමාවෙන් පසු එදිනම සවස1930 පැයේ සිට සවස 2300පැය දක්වා ප්‍රදේශයේ වෙසෙන ජනතාවට සහ පොළොන්නරුව - මඩකළපුව මාර්ගයේ ගමන් ගන්නා මගීන් සදහා බත් දන්සලක් විවෘත කෙරිණි. පුනානි අවට ගම්මානවලින් සහ මගීන් 2000 ට ආසන්න පිරිසක් දන්සලට සහභාගී විය. තවද එයට සමගාමීව 23 පාබළ සේනාංකයෙහි සියලුම භඨපිරිස් විසින් නිර්මාණය කරන ලද මිහින්තලා අනුරුවද මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කරනු ලැබූ අතර, බළඇණි පුහුණු පාසලට අයත් සෙනීන් විසින් නිර්මාණය කරන ලද වර්ණවත් පොසොන් කූඩුවලින් සමන්විත පොසොන් කලාපයක්ද මහජන ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කරන ලදි.