14th June 2025 19:44:37 Hours
රටෙහි සාමය උදා කිරිම වෙනුවෙන් ජිවිත කැපකල ශ්‍රි ලාංකිකයන් උදෙසා 2025.05.19 සිට 2025.06.19 දක්වා සිදුකරනු ලබන රණවිරු සැමරුම් මාසයට සමගාමිව මෙම පාබසේමු යටතේ පාලනය වන 4 ගැහේබ ඒකකය වෙතින් 2025.06.09 වන දින රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, ඒ සදහා ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපති තුමන්ගේ මග පෙන්වීම යටතේ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ උපදෙස් අනුව 232 පාබල බලසේනාවේ බළසේනාධිපති තුමන්ගේද සෘජු අධික්ෂණය යටතේ 4 වන බළඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් එස්එම්ජිවිකේ බණ්ඩාර යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ නායකත්වය මත 2025 මැයි මස 09 වන දින 0830 පැයේ සිට 1000 පැය දක්වා උන්නච්චිය වැව ආශ්‍රිතව රුක් රෝපණ වැඩසටහනක් සිදු කරන ලදි.
මෙම වැඩසටහන සදහා 4 ගැහේබ ඒකකයේ නිලධාරි 02 ක් හා සෙසුන්ලයින් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.