14th June 2025 16:41:16 Hours
රටෙහි සාමය උදා කිරිම වෙනුවෙන් ජිවිත කැපකල ශ්‍රි ලාංකිකයන් උදෙසා 2025.05.19 සිට 2025.06.19 දක්වා සිදුකරනු ලබන රණවිරු සැමරුම් මාසයට සමගාමිව රට තුළ සිදුවන රථ වාහනසහ වෙනත්හදිසි අනතුරු මෙන්ම විවිධ රෝගාබාධයන් හේතුවෙන් ප්‍රතිකාර ගනු ලබන රෝගින් සඳහා හදිසි අවස්ථාවන්හිදි රුධිර ලබාදිම වෙනුවෙන් ලේ සංචිත පවත්වා ගැනිම රුධිර පාරවිලයන මධ්‍යස්ථාන වෙතින් සිදුකරනු ලබයි. එම මධ්‍යස්ථානයන් තුළ පවතින ලේ සංචිතයන්හි ඌණතාවය ඇතිවන අවස්ථාවන්හිදි එම ලේ සංචිත ප්‍රමාණවත් පරිදි පවත්වා ගැනිමට දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුඳාව වෙතින් ලබාදෙන අතර, මෙම පාබසේමු හා යටතේ පාලනය වන 12 ශ්‍රිලංජාආබමු ඒකකයේ රාජකාරි නියුතු නිලධාරි/ සෙසුනිලයින් සහභාගිත්වයෙන් යුතුව ලේ දන්දිමේ වැඩසටහනක් ප්‍රාදේශිය රුධිර පාරවිලයන මධ්‍යස්ථානය මඩකලපුව සමග සම්බන්ධතාවයෙන් යුතුව 2025.06.09 වන 0900 පැයේ සිට 1600 පැය දක්වා ඒකක මුලස්ථානය පෙරියවඩිඩුවාන් කඳවුරේදි සිදුකල අතර, මෙම කාර්යය සදහා ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපති තුමන්ගේ මග පෙන්වීම යටතේ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ උපදෙස් අනුව 232 පාබල බලසේනාවේ බළසේනාධිපති තුමන්ගේද සෘජු අධික්ෂණය යටතේ 12 ශ්‍රිලංජාආබමු ඒකකයේ අණදෙන නිලධාරිගේ සංවිධානයෙන් සිදුකරන ලදි
ඒ අනුව අදාල වැඩසටහන වෙනුවෙන් මෙම පාබසේමු හා 12 ශ්‍රිලංජාආබමු ඒකකයේ රාජකාරි නියුතු 03x 75 ක භඨපිරිස් ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් යුතුව සිදුකල අතර, එම අවස්ථාවේදි ලබාගන්නා ලද ඡායාරූප විද්‍යුත් තැපෑල මගින් ඔබ බසේමු ඉදිරි කටයුතු සදහා ඉදිරිපත් කර ඇති බැව් කාරුණිකව දන්වා සිටිමි.