Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th June 2025 12:10:13 Hours

241 පාබසේමු වෙරළ තීරය පිරිසිදු කරයි.

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච් සී එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම සහ උපදෙස් මත 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්එස්සී දිසානායක ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ ලෝක පරිසර දිනයට සමගාමීව අක්කරපත්තුව සින්නමුහුත්තුවාරම් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025.06.04 වන දින සිදු කරන ලදී.

තවද, මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන අක්කරපත්තුව සින්නමුහත්තුවාරම් වෙරළ තීරයේ කිලෝමීටර 02ක් පමණ ආවරණය වනසේ සිදු කරන ලද අතර. එම වැඩසටහන සඳහා 03x20 යුත් භඨ පිරිසක් සහභාගී වූ අතර, ආලයාඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආලයාඩිවෙම්බු නඟර සභාව සහ අක්කරපත්තුව සිංහල මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසු දරුවන් විසිදෙනෙකු පමණ මෙම වැඩසටහන සඳහා සහභාගී වන ලදී.