14th June 2025 11:26:11 Hours
පොසොන් උත්සවයට සමගාමීව 221 පාබසේමු බලසේනාධිපතිගේ උපදෙස් පරිදි හා 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීගේ පූර්ණ අධික්‍ෂණය යටතේ ඒකකයේ සියළු නිලධාරීන් සහ භඨපිරිස්හී සහභාගීත්වයෙන් යුතුව 2025 ජුනි මස 10 වන දින 1300 පැයේ සිට 1700 පැය දක්වා ඒකක ජන අවන්හල අසල පුල්මුඩේ ප්‍රදේශයේ හා ඒ අවට පූජනීය ආගමික ස්ථානයන් වැද පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන්කොත්තමල්ලි දන්සැලක් පවත්වන ලදී.
එදින පොසොන් පොහොය වෙනුවෙන් ප්‍රදේශවාසීන් හා වන්දනාවේ පැමිණි බෞද්ධ, දමිළ හා මුස්ලිම් ඇතුළු සියලු ආගමික බැතිමතුන් 400කට අධික පිරිසක්සියගමන් වෙහෙස නිවාගනිමින් දන්සැල භුක්තිවිදි අතර, ඒ සඳහා අවශ්‍ය සියළු සම්පත් හා ශ්‍රමය මෙම ඒකකයේ අණදෙන නිලධාරී ඇතුලු සියලු නිලධාරීන්/ සෙසුනිලයින් විසින් ලබාදෙන ලදී.