?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th June 2025 14:58:59 Hours

7 වන බළඇණිය ගැමුණු හේවා බලකායේ නව අණදෙන නිළධාරී තුමන් රාජකාරි භාර ගැනීම

මේජර් ආර්එම්ඩබ්ලිව්කේ රත්නායක යූඑස්පී එල්එල්එම්සීජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 7 වන බලඇණීය ගැමුණු හේවා බලකායේ 18 වන අණදෙන නිලධාරී ලෙස 2025ජුනි මස 05 වන දින වැඩ භාර ගන්නා ලදී. බළඇණිය වෙත පැමිණි ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය. ඉන් අනතුරුව අණදෙන නිලධාරි විසින් භටපිරිස් ඇමතීම සිදුකල අතර, සියලු නිල තේපැන් සංග්‍රහයකින් පසු එදිනට නියමිත වැඩසටහන නිමාවට පත්විය.