?
11th June 2025 12:44:28 Hours
මිහිදු මහරහත් හිමියන් (මහින්ද හිමියන්) ශ්‍රී ලංකාවට පැමිණීම සහ දිවයිනට බුද්ධාගම හඳුන්වා දීම සනිටුහන් කරමින් පොසොන් පොහොය බෞද්ධ දින දර්ශනයේ වැදගත් දිනයකි. ජුනි මාසයේදී යෙදෙන මෙම පූජනීය දිනය ශ්‍රී ලංකාව පුරා විවිධ ආගමික උත්සව සමඟ සමරනු ලැබේ.
පොසොන් පොහොය සැමරීම සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ බෝධි පූජාවක් සහ ධර්ම දේශනාවක් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අනෙකුත් නිලයන් සහ සිවිල් සේවකයින් සහභාගී විය. මෙම විශේෂ අවස්ථාව සඳහා, පූජ්‍ය දෙල්විට මෙත්තකංකර හිමියන්ට ධර්ම දේශනාව සදහා ආරාධනා කරනු ලැබු අතර උත්සවය ප්‍රධාන අරමුණු කිහිපයක් ඉටු කළේය
අවසාන පරිත්‍යාගය කළ රණවිරුවන්ට උපහාර දැක්වීම
යුද්ධයේදී තුවාල ලැබූවන්ගේ ඉක්මන් සුවය පාර්ථනා කිරීම
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවය කරන සියලුම නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආශිර්වාද පැතීම
මෙම උත්සවය සියලුම සහභාගිවන්නන්ට බෞද්ධ ඉගැන්වීම් ගැන මෙනෙහි කිරීමට, අධ්‍යාත්මික පිළිවෙත්වල යෙදීමට සහ ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලබා දුන්නේය. එවැනි ආගමික වතාවත් සාමය, දයාව සහ කෘතඥතාවයේ වැදගත්කම සිහිපත් කිරීමක් ලෙස සේවය කරන අතර, සේවයේ නියුතු අය අතර සදාචාරාත්මක වටිනාකම් ශක්තිමත් කරනු ලැබුවේය.