29th May 2025 12:13:12 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ, සහ 22 වන පාබල සේනාංකයේ අණදෙන නිලධාරී ජෙනරාල්වරයාගේ සමීප අධීක්ෂණය යටතේ, නැගෙනහිර ප්‍රදේශයේ සිවිල්-හමුදා සම්බන්ධීකරණ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ මුලපිරීම්වල කොටසක් ලෙස, 223 වන පාබල බලසේනාව යටතේ යොදවා ඇති ශ්‍රී ලංකා පාබල හමුදාවේ 15 වන බලඇණිය, ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ අනුග්‍රහය ඇතිව වෛද්‍ය කඳවුරක් පවත්වන ලදී.
වෛද්‍ය කඳවුරට සහාය දැක්වූයේ
වෛද්‍යවරුන් 06 දෙනෙක්
හෙදියන් 03 දෙනෙක්
මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI)
මෙම වෛද්‍ය කඳවුරක් 2025 මැයි 27 වන දින ත්‍රිකුණාමලයේ තිස්සපුර අග්බෝ රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි මෙම වෛද්‍ය කඳවුර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සදහා සිවිල් වැසියන් 200 කට වැඩි පිරිසක් සායනයට සහභාගී වී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්හ. මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ජේ. එම්. හේමන්ත මහතා, වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් රැසක් සහභාගී වූහ.