Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th May 2025 08:33:41 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) විසින් පොල් සිටුවීමේ වැඩසටහනක් පවත්වනු ලැබේ

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ වසර 30 ක යුද්ධයේ අවසානය සැමරීම සහ සාමය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ට ගෞරව කිරීම සඳහා පොල් සිටුවීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම මුලපිරීම නැගෙනහිර පළාත පුරා පොල් වගාව ව්‍යාප්ත කිරීම සහ ජාතික පොල් අස්වැන්න වැඩි දියුණු කිරීම අරමුණු කරයි.

මෙම වැඩසටහන ආරක්ෂක සේනා (නැගෙනහිර) පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ වූයේ ආරක්ෂක සේනා (නැගෙනහිර) ව්‍යාපෘති නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ මූලස්ථානයේ අනෙකුත් නිලයන්ගේ සහභාගීත්වයෙනි.