27th May 2025 11:46:52 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ, ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ උපදෙස් අනුගමනය කරමින්, 2 (ස්වේච්ඡා) සංඥා බලකායේ භට පිරිස් වැලිකන්ද සහ සෙවනපිටිය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් 90 කට වියළි සලාක මලු බෙදා දුන් අතර, පන්සල් 10 කට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දුන්හ. මෙම උත්සවය 2025 මැයි 26 වන දින සෙවනපිටියේ වෙල අද්දර හෝටලයේදී පැවැත්විණි.
මෙම උත්සවයේ අරමුණ වූයේ රටේ සාමය වෙනුවෙන් ජීවිත පූජා කළ ශ්‍රී ලාංකිකයන් සැමරීමයි.
මෙම අවස්ථාවට නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති, (නැගෙනහිර) ආරක්ෂක සේනා ව්‍යාපෘති නිලධාරී, 2 (ස්වේච්ඡා) සංඥා බලකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලයන් සහ ප්‍රාදේශීය සිවිල් වැසියන් සහභාගී වූහ.