21st May 2025 10:46:10 Hours
2025 වෙසක් පොහොය නිමිති කොටගෙන 2025 මැයි මස 12 දින සිට 2025 මැයි මස 14 දින දක්වා කාලය තුල කැරකෙන පහන් කුඩුවක් ප්‍රදර්.ශණය කරන ලදි. මේ සදහා ප්‍රදේශයේ විශාල සංඛ්‍යාවක් පැමිණි අතර, ප්‍රදේශය පුරා උත්සවශ්‍රීයෙන් හා අධ්‍යාත්මික වාතාවරණයක් නිර්.මානය කළේය. මෑත කාලයේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ පැවති ආකර්ෂනීය හා විශිෂ්ඨ සංවිධානයකින් සිදු කරන ලද වැඩසටහනක් වන අතර, එය හමුදාව සහ ප්‍රාදේශීය ප්‍රජාව අතර ඇති ශක්තිමත් බැඳීම පිළිබිඹු කරයි. තවද මෙම වෙසක් උත්සවයේ වැදගත්කම සැමරීම පමණක් නොව, එකමුතුකම, සාමය, සහජීවනය සහ හොඳ හිත වර්ධනය කළේය
මෙම වැඩසටහන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්සිඑල් ගලප්පත්ති ආර්.එස්පී යූඑස්පී, 242 පාබල බලසේනාවේ බලසේනාධිපතිකර්.නල් කේජිඒටි කැලෑකෝරලේ ආර්.එස්පී යන ජේෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්වීම යටතේ සහ 8 වන බළඇණිය ශ්‍රීලංකා ජාතික ආරක‍්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් කේඩී ලියනගේ යන නිලධාරිගේ පූර්.ණ අධීක්ෂණය යටතේසිදු කරන ලදි.