?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th May 2025 18:36:40 Hours

20 වන ගජබා රෙජිමේන්තුව විසින් වෙසක් දන්සලක් උත්කර්ශවත් අන්දමින් සංවිධානය කරයි.

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන, යුඑස්ඒඩබිලිවිසි, පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සමීප අධීක්ෂණය යටතේ, 221 වන පාබල බලසේනාව යටතේ යොදවා ඇති ගජබා රෙජිමේන්තුවේ 20 වන බලඇණියේ භට පිරිස්, අඛණ්ඩ සිවිල්-හමුදා සම්බන්ධීකරණ ප්‍රයත්නයන්හි කොටසක් ලෙස වෙසක් මඤ්ඤොක්කා දන්සලක් සංවිධානය කළහ.

වෙසක් සමයේදී සංචාරය කරන දෙමළ, මුස්ලිම් ප්‍රජාවන්ට සහ බැතිමතුන්ට සේවය කිරීම සඳහා 2025 මැයි 12 වන දින වෙසක් පොහොය දිනයේදී ගිරිහඩුසාය විහාරස්ථාන පරිශ්‍රය අසල බලඇණි මූලස්ථානය ඉදිරිපිට දන්සල පවත්වන ලදී.

මෙම උත්සවය මෑත කාලයේ ප්‍රදේශයේ වඩාත්ම චමත්කාරජනක හා හොඳින් සංවිධානය කරන ලද එකක් ලෙස පිළිගැනීමට ලක් වූ අතර, එය හමුදාව සහ ප්‍රාදේශීය ප්‍රජාව අතර ඇති ශක්තිමත් බැඳීම පිළිබිඹු කරයි. එදිනම බැතිමතුන් 1000 කට වැඩි පිරිසක් එම පරිශ්‍රයට පැමිණියහ.