Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st May 2025 13:49:29 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) වෙතින් බෝනොවන රෝග පිළිබඳ දේශනයක් පවත්වයි.

ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.ආර්. පතිරවිතාන, යුඑස්ඒඩබිලිවිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සහ ආරක්ෂක සේනා (නැගෙනහිර) ව්‍යාපෘති නිලධාරීගේ සමීප අධීක්ෂණය යටතේ භටපිරිස් අතර යහපත් සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ දැනුවත්භාවය ඇති කිරීම සඳහා බෝනොවන රෝග පිළිබඳ දේශනයක් සංවිධානය කරන ලදී.

මෙම දේශනය පවත්වන ලද්දේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය නිලධාරී කපිතාන් ගීෂාන් රාජපක්ෂ මහතා විසිනි. බෝ නොවන රෝග වැළැක්වීම සහ කළමනාකරණය කිරීම පිළිබඳව සෙබළ සෙබළියන් දැනුවත් කිරීම අරමුණු කර ගෙන මෙම දේශණය 2025 මැයි මස 01 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) දේශන ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලයන් 200 ක් පමණ මෙම සැසියට සහභාගී වූ අතර, එමඟින් ආරක්ෂක හමුදාවන් තම සේවකයින්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම කෙරෙහි දක්වන කැපවීම පිළිබිඹු විය.