Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th April 2025 09:29:56 Hours

16 වන ජාතික ආරක්ෂක බළමුළුව වෙතින් අඩු ආදායම්ලාභී පවුලකට නව නිවසක්.

ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි ආර් පතිරවිතාන ජේෂ්ඨ නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ හා 24 පාබල සේනාංක සේනාංකාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ සිදු⁣කෙරෙන සිවිල් සම්බන්දීකරණ වැඩසටහන් වල එක් ව්‍යාපෘතියක් ලෙස 243 වන පාබල බලසේනාව යටතේ ස්ථානගතව ඇති 16 වන ජාතික ආරක්ෂක බළමුළුව විසින් පිංබිම සුරකිමු මිතුරු සංසදය සහ චන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාගේද අනුග්‍රහය යටතේ අරන්තලාව මහඔය ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුලක් සදහා නව නිවසක් ඉදිකොට පරිත්‍යාග කරන ලදි.

මෙම අවස්ථාව සදහා ආඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර ) සේනාංකාදීපති 24 වන පාබල සේනාංකය, බළසේනාධීපති 243 වන පාබල බළසේනාව, ජේෂ්ඨ කණිෂ්ඨ නිළධාරීන්, සෙසු නිළධාරීන් , අනුග්‍රාහකයින්, පොලිස් සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරීන් සහ සිවිල් පුද්ගලයින්ද සහභාගී විය.