Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th April 2025 12:39:48 Hours

ආඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) - 6 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සංචාරයක.

ආඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී 2025 අප්‍රේල් 22 වන අඟහරුවාදා පන්කුලම හි පිහිටි 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ නිල සංචාරයක නිරත විය.

ආඥාපතිතුමන් පැමිණිමෙන් පසු ඒකක අණදෙන නිලධාරී විසින් ආඥාපතිතුමන් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ප්‍රධාන දොරටුව අභියසදී වර්ණවත් සම්මාන මුරයක්ද පිරිනමන ලදී. එතුමන් පිළිගැනීමෙන් පසු ඔහු පැණි දොඩම් ගසක් රෝපණය කර බලඇණියේ නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

තවද, ඔහු භටපිරිස් අමතා කඳවුරු පරිශ්‍රයට ගොස් සෙබලුන්ගේ මූලික අවශ්‍යතා පරීක්ෂා කළේය.

අනතුරුව ඒකකයෙන් පිටත්ව යාමට පෙර ආඥාපතිවරයා අමුත්තන්ගේ පොතේ අදහස් සහ ප්‍රශංසා කිහිපයක් තබන ලදී.