Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th April 2025 10:54:26 Hours

2 (සෙව්) බලඇණිය ගජභා රෙජිමේන්තුවෙහි බටපිරිස් විසින් ත්‍රීකුණාමලය රේවත ළමා නිවාසයෙහි ළමුන් සදහා දිවා ආහාර වේලක් ලබාදෙයි.

ආඥාපති ආරක්ෂක සේනා (නැගෙනහිර) මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ,සිදුකරනු ලබන සිවිල් සම්බන්දීකරණ වැඩසටහන් වල එක් අංගයක් ලෙස, 2(සෙවි) බලඇණිය ගජභා රෙජිමේන්තුවෙහි බටපිරිස්  විසින් 2025 අප්‍රේල් මස 23 වන දින ත්‍රීකුණාමලය රේවත ළමා නිවාසයෙහි ළමුන් වෙත දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කලහ.

මෙම සුභසාධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.