Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th April 2025 10:37:05 Hours

සිවිල් සහ හමුදා නීතිය පිළිබඳ දේශනයක් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) දී පවත්වයි.

2025 අප්‍රේල් 23 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) දේශන ශාලාවේදී පැවති බදාදා පුහුණු වැඩසටහනේ කොටසක් ලෙස නීති නිලධාරී මේජර් කුෂාන් හෙට්ටිආරච්චි නිලධාරී විසින් සිවිල් සහ හමුදා නීතිය පිළිබඳ දේශනයක් පවත්වන ලදී.

මෙම දේශනයේ ප්‍රධාන අරමුණ වූයේ නීතිමය සීමාවන් පිළිබඳව හමුදා නිලධාරීන් දැනුවත් කිරීම සහ ඔවුන් අනවසර හෝ නීති විරෝධී ක්‍රියාකාරකම්වල යෙදීම වැළැක්වීමට උපකාරී වීමයි. මේජර් හෙට්ටිආරච්චි හමුදා රාජකාරිවලට අදාළ සිවිල් සහ හමුදා නීති රාමු පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දුන් අතර සේවයේ සෑම අංශයකම නීතිමය ප්‍රමිතීන්ට අනුකූල වීමේ වැදගත්කම ඉස්මතු කළේය.