Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th April 2025 10:23:57 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) යටතේ ඒකක අණදෙන නිලධාරීන් සමග සම්බන්ධීකරණ රැස්වීමක් පවත්වයි.

2025 අප්‍රේල් 23 වන දින ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) සම්මන්ත්‍රණ ශාලාවේදී අණදෙන නිලධාරීන්, බලසේනා මේජර්වරුන්, දෙවන අණදෙන නිලධාරීන් සහ විධායක නිලධාරීන් ඇතුළු අණදෙන නිලධාරීන්ගේ පාබල අංශ, සැපයුම් අණදෙන නිලධාරීන්, පාබල බලසේනා සහ බලඇණි මට්ටමේ නිලධාරීන් සමඟ සම්බන්ධීකරණ රැස්වීමක් පැවැත්විණි.

බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමෙ සිවිල්-හමුදා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, අනාගත ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, “පිරිසිදු ශ්‍රී ලංකාවක්” සංකල්පයට සහාය වීම, මූලික භට පිරිස් අවශ්‍යතා සපුරාලීම, සුභසාධන පහසුකම් වැඩිදියුණු කිරීම සහ අණදෙන නිලධාරීන් සම්බන්ධයෙන් පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා තොරතුරු බෙදා ගැනීමට හා පොදු උපාය මාර්ගයක් කරා කටයුතු කිරීම අරමුණ විය.

කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී විසින් මෑතකදී පැවති ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) පැවැති සමුළුවේදී ලබා දුන් ප්‍රධාන පණිවිඩ ප්‍රකාශ කරමින්, ආඥාපතිතුමන්ගේ මඟ පෙන්වීම සහ අපේක්ෂාවන් අවධාරණය කරමින් සමුළුව අවසන් කරන ලදී.

රැස්වීමෙන් පසුව "පිරිසිදු ශ්‍රී ලංකාව" මුලපිරීම ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම මුලස්ථානයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරී විසින් දේශනයක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, ප්‍රධාන සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරී සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.