Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st April 2025 14:41:31 Hours

24 පාබල සේනාංකයේ සාර්ථක අළුත් අවුරුදු උත්සවයක් පවත්වන ලදි

24 වන පාබල සේනාංකය 2025 අප්‍රේල් මස 10 වන දින සිංහල හා හින්දු අළුත් අවුරුද්දට සමගාමිව සිය අවුරුදු උත්සවය පැවැත්වූ අතර, ඒ සදහා මෙම සේනාංක බලප්‍රදේශය තුල රාජකාරි කරනු ලබන නිලධාරීන්, සෙසුනිලයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සිවිල් ප්‍රජාවේ සාමාජිකයින් සහභාගි විය.

24 වන පාබල සේනාංකය 2025 අප්‍රේල් මස 10 වන දින සිංහල හා හින්දු අළුත් අවුරුද්දට සමගාමිව සිය අවුරුදු උත්සවය

24 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැවති මෙම අවුරුදු උත්සවය සංස්කෘතිය සහ සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා වර්ණවත් විය. අම්පාර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්සිඑල්ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහ බළසේනාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් උත්සවය අලංකාරවත් විය.

දවසේ කැපී පෙනෙන සිදුවීම් අතර වාසනා මුට්ටි බිදීම, කොට්ට පොර, කඹ ඇදීමේ සහ සංගීත පුටු, අවුරුදු කුමරා සහ කුමරිය තේරිම වැනි සාම්ප්‍රදායික ක්‍රීඩා ඇතුළත් විය. සහභාගී වූවන් සාම්ප්‍රදායික අලුත් අවුරුදු රසකැවිලි සහ ආහාර භුක්ති විඳි අතර, ඒවා සියලුම නිලයන් සහ අමුත්තන් අතර බෙදා ගන්නා ලදී.

හමුදා සාමාජිකයින්ගේ දරුවන් සහ පවුලේ සාමාජිකයින් මෙම අවුරුදු ක්‍රිඩා සදහා උද්යෝගයෙන් සහභාගී වූ අතර නැටුම්සහ ගායනය මෙන්ම සාම්ප්‍රදායික ඇඳුම් තරඟවල ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන ලදි.

පවත්වන ලද අවුරුදු ක්‍රිඩා තරඟවල ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවයක් සිදුකල අතර, ආරාධිත කලාකරුවන් සමඟ සංගීත රාත්‍රියකින් වැඩසටහන අවසන් විය.