?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st April 2025 09:38:12 Hours

බක්මහ උළෙල ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර )

සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද නිමිතිකොටගෙන ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සිංහල සාම්ප්‍රදායික චාරිත්රි හා ජන ක්‍රිඩා වලින් සමන්විත බක්මහ උළෙලක් 2025 අප්‍රේල් මස 08 වන දින ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ක්‍රිඩා ඩාපිටියේදී පැවැත්විය.

මෙම බක්මහ උළෙල කොට්ටාපොර, ලිස්සන ගසේ නැගීම ආදී ජන ක්‍රිඩා රැසකින් බක්මහ උළෙල සමන්විත විය.

මෙම අවස්ථාව සදහා ආඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) මේජර ජෙනරාල් පි ආර් පතිරවිතාන යුඑස්එඩබ්ලිව්සි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් සේනාංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් නිළධාරීන් සෙසු නිළයින් සිවිල්සේවක මහතුන් සහ පවුල්වල සාමාජිකයින්ද අවස්ථාව සදහා එක්විය.

යුද්ධ හමුදා සාමාජිකයින් හට තම පවුලේ සාමාජිකයන් සමග විනෝදවීම සදහා අවස්ථාව ලබාදීම මගින් ඔවුන්ගේ චිත්ත දෛරයය නැංවීම මෙන්ම සමාජයෙන් වියකී යන සාප්‍රදායික ජන ක්‍රිඩා සහ සම්ප්‍රදායන් නැවත ජනගත කිරීම සදහා ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මෙම බක්මහ උළෙල දැක්විය හැක