07th April 2025 08:54:34 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත සහ 23 වන පාබල සේනාංකයේ සේනාකොධිපතිගේ මඟ පෙන්වීම යටතේ 232 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ගැමුණු හේවා බළකාය විසින් 2025 අප්‍රේල් 5 වන දින උන්නච්චිවිය ප්‍රදේශයේදී ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. උතුම් අරමුණක් සඳහා ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කරමින් රුධිර පරිත්‍යාග සදහා 70 දෙනෙකු සහභාගී වන ලදී.