Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th March 2025 20:26:08 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර ) දින පහක  "ක්ලීන් ශ්‍රී ලංකා" පුහුණු වැඩමුළුවක් පවත්වයි.

ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර ),මේජර් ජෙනරාල්  පී ආර් පතිරවිතාන යූඑස්ඒ ඩබ් සී,පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර )ශ්‍රවනාගාරයේදී 2025 මාර්තු 24 වන දින ආරම්භ කරනලදි.මෙම වැඩසටහන ආරක්ෂක සේනා (නැගෙනහිර )බලප්‍රදේශය යටතේ රාජකාරි නියුතු නිළධාරීන් 26 ⁣දෙනකු පුහුණු නිළධාරීන් ලෙස පුහුණු කිරීම සිදුකරයි.වැඩසටහන දින 5ක් පුරාවට සිදුකිරීමට සැලසුම් ⁣කර ඇත.

මෙම වැඩසටහනෙහි ආරම්භක දේශණය සදහා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරී, සහභාගී වෙමින් "ක්ලීන් ශ්‍රීලංකා "වැඩසටහනෙහි හරය පැහැදිලි කරමින් අතිගරු ජනාධිපති තුමන්ගේ අරමුණ අනුසාරයෙන් රාජ්‍ය යාන්ත්‍රණය,සමාජීය ආචාරධර්ම,සමාජ ආකල්ප වර්ධනය පාරසරික සුරක්ෂිතතාවය සහ ආර්ථික සංවර්ධනය ආදී ඌ අංශ අනුසාරයෙන් පැහැදිලි කරන ලදි.

මෙම අවස්ථාව සදහා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරී ,විශේෂ ව්‍යාපෘතිභාර නිළධාරී, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ (ස්වේච්ඡා ),ජේෂ්ඨ මාණ්ඩලික නිළධාරීන් සහ ශිෂ්‍ය නිළධාරීන් සහභාගී විය.