23rd March 2025 06:37:56 Hours
221 පාබල බළසේනාව 15 වන සංවත්සරය 2025 මාර්තු 16 වන දින 221 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් ඊඩබ්ලිව්ආර්එස්බී ඇහැලේපොල යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මූලිකත්වයෙන් බළසේනා මූලස්ථානයේදී සමරනු ලැබීය. 15 වන සංවත්සරයට සමගාමීව බෞද්ධ, හින්දු, ඉස්ලාමීය සහ ක්‍රිස්තියානි පූජ්‍යය පක්ෂය විසින් ආශිර්වාද ලබා ගැනීම සහ බෝධි පූජාවක් ඇතුළු ආගමික කටයුතු සිදු කරන ලදී. මෙම ආගමික සිදුවීම් මියගිය රණවිරුවන් වෙනුවෙන් අධ්‍යාත්මික කෘතඥතාවයක් ලබාදෙන ලදි. ඉන් අනතුරුව "පිච්චමල් විහාරයේ" රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විණි. මීට අමතරව සෙබළුන්ගේ සහ සිවිල් ජනතාව අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්විණි.
යුධ හමුදා සම්ප්‍රධායන් අනුගමනය කරමින්, සිදුවීම් වැඩසටහන 2025 මාර්තු 16 වන දින උත්කර්ශවත් ලෙස පවත්වන ලදි, පැළයක් රෝපණය කිරීම, සමූහ ඡායාරූපයක් සහ භඨපිරිස් ආමන්ත්‍රණය කිරිම හා නවතමයෙන් ඉදිකරන ලද ශ්‍රිලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ අනුඛණ්ඩ සාමාජිකයන් සදහා කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරන ලදි. තවද, කොනොනින් සදහා පහසුකම් සහිත ගොඩනැගිල්ලක් විවෘත කරන ලදි. පසුව, බළසේනාධිපති තුමන් සියළු නිලයින් සමග දිවා භෝජන සංග්‍රහයට එක්වන ලදි. තවද, පාබල බළසේනාව තුළ ඇති නිලධාරීන්, කොමිෂන් නොලත් නිලධාරීන්, සෙබළුන් සහ සිවිල් මහතුන් අතර සුහදත්වය ඇති කරමින් රාත්‍රි සාදයක් පවත්වන ලදි.