Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st March 2025 19:54:53 Hours

2 (සෙව්) ගජභා රෙජිමේන්තුවේ භටපිරිස්  විසින් ත්‍රිකුණාමලය  වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි.

ආරක්ෂක සේනා - (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 221 පාබල බලසේනාවට අයත් භටපිරිස් , 2(සෙව්) බලඇණිය ගජභා රෙජිමේන්තුව  විසින් ත්‍රිකුණාමලය වෙරළතීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්  2025 මාර්තු මස 20 වන දින සංවිධානය කර තිබිණි.වෙරළ තීරය ආරක්ෂා කිරීමට, සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීමට සහ පිරිසිදු, හරිත අනාගතයක් නිර්මාණය කිරීම වැඩසටහනේ අරමුණ විය.

අණදෙන නිළධාරී,ජේෂ්ඨ ,කණිෂ්ඨ  නිලධාරීන් සහ  සෙසු නිලයින් වැඩසටහනට සහභාගී විය.